ගුරු සිත නොරිදවා, අකුරු නොවරදවා කියන වග

12096368_1652778535001090_1096408094493829744_nගුරු සිත නොරිදවා, අකුරු නොවරදවා කියන වග නම්, පසුගිය අවුරුදු දෙකක් වැනි කාලසීමාවකදී ආරම්භ වී, ක්‍රමක්‍රමයෙන් ඔඩුදුවන තත්වයකට පත්වීගෙන යන, විද්‍යාලයේ විශේෂ අවස්ථාවන් සමහරකට විද්‍යාලයේ වර්ණ යෙදූ සාරි භාවිතය පිලිකුලක් පමණක් ඇති කරන බවයි. එය අල්පේච්ඡතාව අගයන, සරල බවට මුල් තැන දෙන, බරක් පතලක් ගැඹුරක් සහිතව හිතන කිංස්වුඩ් සම්ප්‍රදාය හා නොපෑහෙන බවයි.

ශ්‍රීලංකාව සහභාගී වන ක්‍රිකට් තරගයක් නැරඹීමට යාමේදී ශ්‍රීලංකා “ෆෑන් ෂර්ට්” එකක් දවටගෙන යාම සාධාරණීකරනය කල හැකි වුවත්, කිංස්වුඩ් වර්ණ රාත්‍රිය‍‍ට හෝ ගුරු දිනය‍‍ට හෝ මෙවන් “ෆෑන් සාරි” පොරවන් එන කීපදෙනාගෙන් යම් කිසි හිස්බවක් හා නොමේරූ කමක් දිස් වන බව නොසතුටින් වුව සදහන් කල යුතුය. මෙම “මේනියාවට” ගොදුරු වූවන් සහ රුකුල් සපයන්නන් ඇත්තේ කීපදෙනෙක් බව පෙනෙන්නට ඇතත්, මේවන් ළදරු ක්‍රියාකාරකම් දලු ලා වැඩීම කිසිසේත් අනුමත නොකරමු.

ගුරු මහත්ම මහත්මීන් නිරතුරුවම වඩා ඵලදායී ආකල්ප වර්ධනයෙහි නියුක්ත වීම ශිෂ්‍ය සුභසාධනයට බලපානවා පමණක් නොව, විද්‍යාලයේ අකාලික වටිනාකම් ආරක්ෂනයටද එයින් පිටුවහලක් ලැබෙනු ඇත. විද්‍යාලයේ වර්ණ සහිත සාරි දවටගෙන, “ෆෑන් ජර්සි” මානසිකත්වයෙන් ඔද්දල්ව රැන්ඩ්ල්ස් භූමිය නිවට බිමක් ව ජරාජීර්නව යාමට ඇති ඉඩකඩ සීමාකල යුතු බව කිංස්වුඩ් මැටර්ස්හි මතයයි. ගුවන් යානා සමාගමක “හොස්ටස්” රැකියාව කරන පිරිසක් සිහිගන්වමින් එකම ආකාරයට අපගේ සම්ප්‍රදාය හා ප්‍රෞඩත්වය විදහා පාන පාසල් වර්ණවලින් සැකසූ සාරි දවටගෙන කරන රංගනය ඛේදාන්ත ගණයේ නාට්‍යයක්ම පමණි.

(මෙහිදී භාවිත කර ඇත්තේ ෆ්ලෑෂින් යූත් සංසදය විසින් ගන්නා ලද සේයාවකි. මෙය වාණිජ අරමුණකින් උපුටාගෙන නැත. එම සංසදයේ කතෘබව මෙයින් උච්ඡාරනය කර සිටිමු).

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s