ඉතිහාසය ගොනු කිරීමේ දී වඩා සුපරික්ෂාකාරී වීමේ අවශ්‍යතාවය

WP_20150711_15_11_40_Pro(1)මෙම ඡායාරූපය මෑතක දී කාලීන කරන ලද විදුහලේ ශිෂ්‍ය නායක නාමාවලියේ එකක් වන අතර කිංස්වුඩ් මැටර්ස් වෙත නිතරම කරුණු සපයන අපගේ ආදි ශිෂ්‍යයෙක් විසින් මෑතකදී ගත්තකි. මෙවන් නාමාවලියන් විදුහලේ ඉතිහාසය, අඛණ්ඩත්වය හා සම්ප්‍රදාය හා තදින්ම සම්බන්ධ බැවින් මෙම කාලීන කිරීමේ ප්‍රයත්නය ඉතා ඉහලින් අගය කරමු. මීට ප්‍රධානම හේතුව වන්නේ මෙවන් ලේඛන අඛණ්ඩව හා විධිමත්ව පවත්වාගෙන යාමේදී විදුහල තරමක් මැලි බවක් දක්වා තිබීමයි. ශිෂ්‍ය නායකයින්ගේ නාමාවලිය කාලීන කිරීමෙන් පමණක් නොනැවතී ඉතිරි ලේඛනයන්ද ක්‍රම ක්‍රමයෙන් විධිමත් කෙරෙනු ඇතැයි යන්න අපගේ බලාපොරොත්තුවයි.

සාමාන්‍යයෙන් අප දකින්නේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති සහ ලේකම් යන තනතුරු අඩු වැඩි නැතිව නිරතුරුවම විධිමත් කෙරී ඇති තත්වයකි. නමුත් ක්‍රීඩා නායකයින්ගේ නම් ආදියට එම භාග්‍යය හිමි වී නැත. මීට හේතුව කිංස්වුඩ් විදුහලේ පේන්ට් අහේනියක් පැවතීම විය නොහැක. තම සංගම් තනතුරු තානාන්තර ගැන සදහන් කරන අතරම මතු පරපුරෙහි දැන ගැනීම පිණිස එයටත් වඩා ඉතිහාසගත වටිනාකමක් ඇතැයි තර්ක කල හැකි ක්‍රීඩා ආදිය සම්බන්ධ නාමලේඛන ද සකසුරුවම් කිරීම බලවත් තැන්වල සිටින ආදි ශිෂ්‍ය මහතුන්ට පහසුවෙන්ම කල හැක.

ශිෂ්‍ය නායක නාමාවලියේ පහත සදහන් ගැටලු හදුනාගත හැක. කාලාන්තරයක් තිස්සේ කරුණු විධිමත් නොකිරීම නිසා දුර්මතයන් මෙන්ම සංදිග්ධතාවයන්ද මතු වීම ස්වභාවිකයි. එම ගැටලුකාරී අවස්ථා මගහරිමින් ද, වැරැද්දක් වූ තැන් නිවැරදි කරමින් ද ඉදිරියට යාම අවශ්‍යය. නැතිනම් වැරැද්දක් සත්‍යය ලෙස ද, අනියමයක් ඉතිහාසය ලෙසද භාවිතයට ඒමේ භයානක යථාර්ථයට කිංස්වුඩ් විදුහලටද මුහුණ දීමට සිදුවන බැවිනි. ඉතිහාස කරුනු වඩා ඕනෑකමින් සොයා නොබැලීම නිසා වී ඇති පහත අඩුපාඩුකම් අතින් සල්ලි වියදම් කර හෝ නිදොස් කිරීම වැදගත්යඃ

1. 1997 හා 1998 — මෙහි සදහන් රොෂාන් හා HL පෙරේරා එකම අයෙක් බව අපගේ මතයයි. මේ 1998 දී ප්‍රධා‍න ශිෂ්‍ය නායකයා වූ HRL පෙරේරා හෙවත් රොෂාන්පෙරේරා විය යුතුය. රොෂාන් කිංස්වුඩ් ක්‍රිකට් කණ්ඩායමේද ආරම්භක පිතිකරුවා විය.

2. 1997 — රොෂාන්පෙරේරා 1998 ප්‍රධා‍න ශිෂ්‍ය නායකයා නම් 1997 ප්‍රධා‍න ශිෂ්‍ය නායකයා කවුද? අපගේ මතකයට අනුව 1997 ප්‍රධා‍න ශිෂ්‍ය නායකයා බුද්ධික ඒකනායක යි. ඔහු ද මෑත කාලයේ විදුහලින් බිහිවූ කැපී පෙනෙන ක්‍රිකට් ක්‍රීඩකයෙකි. කණ්ඩායම් නායකයෙකි.

3. 1999 — මෙහි ප්‍රධා‍න ශිෂ්‍ය නායකයා ලෙස ජීවා ගල්ගමුව නම් කර ඇත. සත්‍ය තත්වය මධ්‍යස්තව සොයා බැලිය යුතු වේ. අප දන්නා තරමින් 1999ට ප්‍රධා‍න ශිෂ්‍ය නායකයෙක් සිටියේ නැත. එම වසරට අනුරූප ශිෂ්‍ය නායක මණ්ඩලයම යම් හේතුවක් නිසා ඉවත් කෙරුණු / වුණු අතර 1999 වසර පුරාවට ප්‍රධා‍න ශිෂ්‍ය නායක ධුරය “රොස්ටර්” ක්‍රමයට හුවමාරු වෙමින් පැවතියේ ඊ‍ට කනිෂ්ට කාන්ඩය අතරයි. අප කල විමසුමකදී 1999 කාන්ඩයේ සිටි (සහ ඉවත් කෙරුනු) ශිෂ්‍ය නායකයෙක් ද පැවසූයේ ඔහු දන්නා තරමින් 1999ට ප්‍රධා‍න ශිෂ්‍ය නායක ප්‍රදානයක් නොකෙරුනු බවයි.

4. 2003 — ප්‍රධා‍න ශිෂ්‍ය නායක මුලකුරු “WD” වියයුතු අතර එය “DK” නොවේ.

මෙම ආභාසන් ඉවත් කර මෙම නාමලේඛන වඩා ක්‍රමානුකූලව සහ ඉතිහාසය හා ගැලපෙන අයුරින් සකස් වෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු. අප මෙහි ඉදිරිපත් කරන කරුණු ද 100% ක් නිදොස් දැයි අපටම සැකයක් පවතී. ඉතාම සාධාරණ මූලාශ්‍ර සොයා යෑම මහත්මා ලක්ෂණයකි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s